|
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අනුප්‍රාප්තික ලෙස 2010.04.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාපනය කරනු ලැබු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත පරමාණුක බලශක්ති විෂයය එකතු කිරීමේ ප්‍රථිඵලයක් ලෙස 2013 ජනවාරි 28 දින සිට මෙම අමාත්‍යාංශය තාක්ෂණ, පර්යේෂණ සහ පරමාණුක බලශක්ති අමාත්‍යාංශය යන වත්මන් නමින් ක්‍රියාත්මක වේ.
2010 නොවැම්බර් 22 දිනැති 1681/3 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්රුයෙහි පළ කරනු ලැබ, 2011 දෙසැම්බර් 14 දිනැති 1736/23 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්රසය සහ 2013 පෙබරවාරි 6 දිනැති 1796/10 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්රැයන්හි පළ කරන ලද නිවේදනයන් මඟින් සංශෝධනය කරනු ලැබූ විෂයයන්, කාර්යයන් සහ ආයතනයන්, තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්යාං ශය වෙත නියෝගාත්මකව පැවරී ඇත.
තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්රමය හා අදාල ප්රතතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘතීන්හි ක්‍රියාත්මක කිරීම් මෙහෙයවීමේ වගකීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත පැවරේ.
අමාත්‍යාංශයේ මූලික කාර්යභාරය වන්නේ ඒ යටතේ පවතින සියලු ආයතනයන්හි ක්‍රියාකාරකම් ජාතික අභිමතාර්ථයන් සමඟ අනුගත කිරීම සහතික කිරීමත්, පර්යේෂණ කර්මාන්ත සබඳතා සවිමත් කිරීම හරහා නිපැයුම් සඳහා වටිනාකම් එක් කරනු පිණිස පර්යේෂණ සොයා ගැනිම් යොදා ගනිමින් කර්මාන්ත අංශය සඳහා ප්‍රතිලාභ අත්කර දීමත්ය.
ශ්‍රි ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ කාර්යයේදී සහ දැනුම් මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ ජාතික අභිමාර්ථය සැබෑවක් බවට පත්කර ගැනීමේ කාර්යයේදී මෙම අමාත්‍යාංශය වෙත සැලකිය යුතු කාර්යභාරයක් පැවරෙන බව පිළිගනිමින්,අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන 15හි කාර්යයන්ද, මෙම අභිමතාර්ථයන් හා අනුගත වන පරිදි හඳුනාගැනීම අමාත්‍යාංශය මගින් සහතික කරේ.
අමාත්‍යාංශය විසින් ආයතනික ප්‍රතිඵල රාමුවක් භාවිතයෙන් ප්‍රධාන කාර්යසාධන දර්ශක හා අදාලව සිය මුලික අරමුණු හඳුනාගැනීම සහ කාර්යසාධනය මැන බැලීම සිදු කරයි. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලුම ආයතන විසින්ද මේ සමාන ආයතනික ප්‍රතිඵල රාමුවක් සැකසිම සහ ඒ හරහා සිය කාර්යසාධනය මැන බැලීම සිදු කිරීම අවශ්‍ය වේ.
දැක්ම
2020 වර්ෂය වනවිට විද්‍යාව හා තාක්ෂණයෙන් කලාපයේ උසස් රටක් බවට ශ්‍රී ලංකාට පත් කිරීම
|
|
මෙහෙවර
ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය වූ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීම හා ආර්ථික ක්‍රියාදාමයන් පුළුල් කිරීම සඳහා, විද්‍යා පර්යේෂණ සංවර්ධනය සහ තාක්ෂණ පැවරුම් ඇතුලත්ව, විද්‍යාව හා තාක්ෂණය දියුණු මට්ටමකට ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
|
|